Oct 10, 2019

ඇල්පිටියේ පුංචි ඡන්දයට සියල්ල සූදානම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද පෙරවරුවේ ආරම්භවී ඇති අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වෙනුවෙන් පූර්ණ ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 කි.

ඒ වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස 17 ක ඡන්ද මධ්‍යස්ථාන 47 ක් පිහිටුවා ඇති අතර පිළිගත් දේශපාලන පක්ෂ 5 කින් ඡන්ද විමසීමට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 155 කි.

ඒ අතරින් සභිකයින් 28 දෙනෙකු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තෝරාපත් කරගැනීමට නියමිතයි.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාවලදීම සිදු කෙරෙනු ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top