Oct 13, 2019

ඡන්දයට එන සත්තු 10

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් පස් දෙනාම ලබාදී ඇති සලකුණුවලින් වැඩි ප්‍රමාණයක් සතුන්ගේ සලකුණු බව වාර්තා වේ.

මෙලෙස ලබාදුන් දහයකගේ සලකුණු වන්නේ රයිනෝසිරස්, මුවා, හංසයා, මාළුවා, ඔටුවා, කැන්ගරු, බකමූණා, ලේනා, සුනඛයා, රාජලියා යන ඒවාය.

ත්‍රිරෝද රථය, මෝටර් කාරය, හෙලිකොප්ටරය, ට්‍රැක්ටරය යන වාහන සලකුණු හතරක්ද, අන්නාසි, ඇපල් ගෙඩිය යන පලතුරු සලකුණු දෙකක් සහ ක්‍රිකට් පිත්ත හා පාපන්දුව යනුවෙන් ක්‍රීඩා උපකරණ සලකුණු දෙකක් ද වශයෙන් සලකුණු ලබාදී ඇත. එහෙත් මල්වර්ගවලින් ලබාදී ඇත්තේ පොහොට්ටුව පමණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top