Oct 13, 2019

FB ඉන්දීය නියෝජිතයාට පොහොට්ටුවෙන් ලෙඩක් අදින්න යයි

ශ්‍රී ලංකාවේ මැතිවරණය අතරතුර වැරදි තොරතුරු පැතිරීම නිරීක්ෂණය කිරීමට යැයි කියමින් පැමිණ සිටින ෆේස්බුක් ආයතනයේ නිලධාරීන් හා අන්තර්ජාලයේ ක්‍රියාකාරී වේගයේ අඩුවීමක් ඇතැයි යන සැකය මත ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පොහොට්ටුවේ ප්‍රධාන පාර්ශවයක් පැමිණිළි කිරීමට යන බව වාර්තා වේ.
මෙම පැමිණිල්ලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ලංකාවේ මැතිවරණ නිරීක්ෂණය සඳහා පත්කර ඇති ෆේස්බුක් ප්‍රධානියා ඉන්දීය ජාතිකයකු වීමත් සජිත් ප්‍රේමදාස මහතාගේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු ඉන්දීය සමාගමක් වෙත ලබාදී තිබීමත් බව පැවසේ.
 
මේ අතර, ෆේස්බුක් ප්‍රතිපත්ති වැඩසටහන් ප්‍රධානී (ඉන්දියාව, දකුණු හා මධ්‍යම ආසියාව) ඉකුත් සතියේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් එළඹෙන ජනාධිපතිවරණයේදී වගකීමෙන් යුතුව භාවිතා කිරීම සහා ෆේස්බුක්, ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාව සහතික කිරීමට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම (EC) සමඟ හවුල් වනු ඇති බව පැවසීය. 
 
ඔහු මෙසේද කීය.
 
“අපි පසුගිය මාසයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්, දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂකයින් පුහුණු කළේ ඔවුන්ගේ ඉලක්ක වෙත ළඟා වීමට ෆේස්බුක් භාවිතා කළ හැකි හොඳම ආකාරය පිළිබඳවයි. එළඹෙන මැතිවරණ පිළිබඳව ජනතාව නිවැරදි තොරතුරු දකින බවට සහතික වීමට අපට අවශ්‍යය. අසත්‍ය ප්‍රවෘත්ති වලට එරෙහිව සටන් කිරීම සඳහා ෆේස්බුක් හි තොරතුරු වල ගුණාත්මකභාවය සහ සත්‍යතාව අඛණ්ඩව වැඩිදියුණු කරමු. ”
 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top