Oct 13, 2019

අනතුරු වැඩිනිසා දෙහිවල පාලම රෝද 2ට තහනම් වෙයි

දෙහිවල පොලිස් වසමේ ගාලු පාර දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් කර ඇති බවට පොලිසිය පවසයි.

දෙහිවල ගුවන් පාලම මතින් යතුරපැදි ගමන් කිරීම හේතුවෙන් බහුලව රිය අනතුර සිදු වන බැවින් ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිතාරිය විසින් මෙම තීරණහය ගෙන ඇතැයි වාර්තා වේ.

මේ අනුව අද (13) වැනිදා සිට දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top