Oct 13, 2019

තොණ්ඩාගේ සහය ගෝඨාට

ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තම පක්ෂ විධායක සභාව විසින් මීට සුළු මොහොතකට ඉහතදී තීරණය කළ බව එම පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.
හැටන් ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථනායේදී අද (13) පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් පසුව පැවති මාධ්‍යය හමුවේදී ඒ මහතා මේ බව කීය.

වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු 32 සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරිමෙන් පසුව විධායක සභාව ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට පුර්ණ සහයෝගය ලබාදිය යුතු බවට තීරණය කළ බව තොණ්ඩමන් මහතා සදහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top