Oct 14, 2019

IMF එක ලංකාවේ තත්ත්වය ගැන අවධානයෙන් - මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සඳහා සංශෝධිත ගිවිසුමක් නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකා ඒජන්සි මණ්ඩලයට අනුමැතිය සඳහා යොමුකෙරෙන බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

රාජ්‍ය මූල්‍ය අරමුණු මඟ හැරුණද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව ඒජන්සිය සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් සඳහා දැනටමත් එකඟ වී ඇති බවත්, ශ්‍රී ලංකාව මුහුණ පෑ අනපේක්ෂිත ආර්ථීක කම්පන, මෙන්ම වෙනත් සාධක හේතුවෙන් ආදායම පහත වැටී ඇති බැවින් මූල්‍ය ඉලක්ක අතපසු වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම්‍යශීලී බව කුමාරස්වාමි මහතා වැඩිදුරටත් පවසා තිබේ.

සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල වාර්තාව සකස් කර නොවැම්බර් මාසයේදී මණ්ඩලය වෙත යොමුකෙරෙන බව ඔහු පැවසීය.නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකාව රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කර ඇති අතර ජනවාරි මාසයේදී තවත් පොරොන්දු දී තිබේ.

කෙසේ වෙතත් පවතික තත්වය හමුයේ ජනවාරි වර්ධක සඳහා ඉඩ ලබා දිය හැකිද යන්න තවමත් පැහැදිලි නැත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top