Oct 14, 2019

ගෝඨාගේ වැඩක් නිසා ශවේන්ද්‍රට තවත් ලෙඩක්

වත්මන් යුද හමුදාපති ලුතිනන් ‍ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ රුව සහ අදහස් යොදා ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (14) ලිඛිත පැමිණිල්ලක් භාරදීමට නියමිතය.

සේවයේ නියුතු යුද හමුදාපතිවරයාගේ රුව සහ අදහස් ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීමකට යොදා ගැනීම ජනාධිපතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බැවින් මේ පිළිබඳ සොයා බලා සුදුසු පියවර ගන්නැයි පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද අද (14) ලිඛිතව පැමිණිලි කිරීමට නියමිතය.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යට පවසා ඇත්තේ තමන් අතීතයේ කළ ප්‍රකාශයක් මෙසේ දැන්වීමට යොදගෛන ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top