Oct 14, 2019

ඡන්ද පෙට්ටියට වැටෙන ඡන්ද හත්සියය හාරසියයට බහියි

ජනාධිපතිවරණයට මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකාව මෙවර දිගින් වැඩි බැවින් මැතිවරණයේදී එක් ඡන්ද පෙට්ටියකට බහාලිය හැකි ඡන්ද පත්‍රිකා ප්‍රමාණය හාරසියයක් (400) දක්වා අඩුවී ඇත.

පසුගිය මැතිවරණවලදී ඡන්ද පෙට්ටියකට බහාලන ලද ඡන්ද පත්‍රිකා ප්‍රමාණය හත්සියයක් (700) පමණ විය.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් විසි හයක් (26) දක්වා වැඩිවී තිබේ.

එය ඝනකමින් වැඩි නිසාත් පෙට්ටියට බහාලිය හැකි ඡන්ද පත්‍රිකා ප්‍රමාණය හාරසියයක් දක්වා (400) අඩුවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top