Oct 14, 2019

අනුරගේ ප්‍රතිපත්ති අද සිට දිගහරියි Featured

ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති අද (14) සිට එළිදැක්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ක්‍රීඩා, කලා හා සංස්කෘතික, පාරිසරික, ජාතික ආරක්ෂවා, ප්‍රවාහන ආදී ක්ෂේත්‍ර 10ක් ඔස්සේ එය සිදු කිරීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීම ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දිනයේ එළිදැක්වීමට සැලසුම් කර තිබෙන අතර එය බත්තරමුල්ල වෝටර්ස්ස් එජ් හෝටලයේදීත්, අනිද්දා (15) දිනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය කොළඹ පදනම් ආයතනයේදීත් එළිදැක්වීමට නියමිතය.

පරිසර ප්‍රතිපත්තිය මේ මස 17 වැනිදා උඩවලව කොට්ටවත්ත විලේජ්හිදීත්, 18 වැනිදා කළුතර පැනොරාමා ශාලාවේදී ප්‍රවාහන ප්‍රතිපත්තියත් එළිදැක්වේ.

සංස්කෘතික ප්‍රතිපත්තිය මේ මස 20 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදීත්, ආර්ථික ප්‍රතිපත්තිය මේ මස 21 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීත්, 22 වැනිදා කෘෂිකර්ම ප්‍රතිපත්තිය පේරාදෙණිය තානායමේදීත් එළිදැක්වීමට නියමිතය. ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති එළිදැක්වීම සිදු කෙරේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top