Oct 14, 2019

TNA සහය කාටද? තීරණය මේ සතියේ Featured

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වන්නේ කවර අපේක්ෂකයාටදැයි තීරණය කිරීම සඳහා මේ සතියේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.
පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පවත්වන ලද සාකච්ඡාවේදී මත කීපයක්ම ඉදිරිපත් වූ හෙයින්  එම සාකච්ඡාවේදී කිසිදු තීරණයක් ගැනීමට නොහැකි වූ බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පවසයි.

දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස,ගෝඨාභය රාජපක්ෂ,අනුර කුමාර දිසානායක යන ප්‍රධාන ජනපති අපේක්ෂකයින් තිදෙනා සමඟින් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

එක් එක් අපේක්ෂකයන් සදහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කීප දෙනකුම දැඩි මතවල සිටින බවද පැවසේ.

කෙසේ වෙතත් මේ සතිය තුලදී දෙමළ ජාතික සන්ධානය මෙවර ජනාධිපතිවරණයේදී සහාය දක්වන්නේ කාහට දැයි යන්න ස්ථිර වශයෙන්ම තීරණය කරන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයෙකු ශී‍්‍ර ලංකා මිරර් සමග කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top