Oct 14, 2019

අයතා මුදල් ඉපයීම සම්බන්ධ නාමල්ගේ නඩුව පෙබරවාරියට කල් යයි

රුපියල් මිලියන 30ක මුදලක් උපයා එය ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත යටතේ චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6කගේ නඩුව ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද(14) නියෝග කළේය.

විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවසා ඇත්තේ තමන්ට වෙනත් නඩු කටයුත්තකට සහභාගීවීමට ඇති බැවින් මෙම නඩුවේ විභාගය කල් තබන ලෙසය.

එම ඉල්ලීම පිළිගනිමින් නඩු විභාගය ලබන පෙබරවාරි මස 10 දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර ඇත.

පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top