Oct 15, 2019

චීන සමාගමකට තවත් කොන්ත්‍රාත්තුවක් !

අරුවක්කාලුහි නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක භූමි පිරවුම් බැහැර කිරීමේ පහසුකම නිර්මාණය කිරීමේ, සැපයීමේ සහ ස්ථාපනය කිරීමේ, ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව China Harbour Engineering Company Limited (CHEC) සහ Southwest Municipal Engineering and Research Institute of China (SEMEDRIC) අතර සමූහ ව්‍යාපාරය වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
 
එම ව්‍යාපෘතියෙහි ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කාලසීමාව තුළ පැන නඟින අනපේක්ෂිත වියදම් සඳහා ගිවිසුම්ගත කොන්ත්‍රාත් අගයෙන් 10%ක් වන ඇමරිකානු ඩොලර් 9,048,225.92ක් සහ ශ්‍රී ලංකා රුපියල් 162,293,621.11ක් වෙන් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top