Oct 15, 2019

ශ්‍රීලනිප බහුතරයක් පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ නෑ Featured

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බහුතරයක් මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැති බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පවතින දේශපාලන වාතාවරණය යටතේ තමාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී වෙල්ගම මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ නායකයන් යැයි කියා ගන්නා පිරිස පක්ෂයට කළ විනාශයෙන් පසු රටේ හැම පැත්තෙම ඉන්න පාක්ෂිකයන් කතාකර පක්ෂයට සිදුවන මේ විපතින් බේරාගන්න කියා කියනවා යැයි වෙල්ගම මහතා සදහන් කළේය.

නොවැම්බර් 17 දායින් පසුත් මේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩි ලෑල්ල උස්සාගෙන යන්න ලෑස්ති වෙයි. නමුත් අපි ඒකට ඉඩදෙන්නෙ නැහැ. මුළු රටේම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එකතුවෙලා ඩාලිපාරේ බලය අරන් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඩිය අතට ගන්නවා.

"වෙල්ගම ළඟ ඩීල් නැහැ. ඩීල් දාන අය දැන් පොහෙටේටුවේ"

"මම කෙලින් ඉන්නවා. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිම සහායක් දෙන්නේ නැහැ. ඒ වගේම හංසයට සහාය දෙන්නේත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන් මේ මැතිවරණයෙ දී ස්වාධීනව ඉන්නවා. මේ තරම් කැපිලි ,කෙටිලි, කෙනහෙළිකම් තිබියදීත් ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමන්ගේ ස්වාධීන මතය පෙන්වල තියෙනවා. මම ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ස්තුතිය පළ කරනවා.

ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, එක්නැළිගොඩ වගේ අයට සිදුවු දේවල් අනුව මටත් බයක් තියෙනවා. නමුත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාක්ෂිකයන් වෙනුවෙන් මැරෙන්න බයත් නෑ"

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top