Oct 15, 2019

ISIS ත්‍රස්ත කල්ලියේ 127ක් ඉන්දියාවෙන් අත්අඩංගුවට

අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සැකකරුවන්ගෙන් වැඩි දෙනෙකු ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නරඹා අදාළ සංවිධානයට සහය පල කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ.

ඉන්දියාවේ ප්‍රාන්ත 14ක සිදුකළ මෙහෙයුම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු ලෙස සැලකෙන ශකීර් නයික්ගේ අනුගාමිකයින් බවද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානීයා කියා සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනාම  ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරුවූ සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නැරඹී මඟින් තමන්ට මෙම ත්‍රස්ත ක්‍රියාවන් හී නිරත වීමට පෙලඹවූ බව පිළිගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top