Oct 15, 2019

බන්ධනාගාර ගතව සිටින හේමසිරිට ජනාධිපති කොමිසමෙන් නොතීසි

2015 – 2018 කාල වකවානුව තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇති වංචා දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ලබන 18 වැනිදා පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට නොතීසි නිකුත් කර තිබේ.
මහජන බැංකුවේ පරිගණක පද්ධතිය සවි කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සාක්ෂි ලබාගැනීමට ඒ මහතා කැඳවා තිබේ.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව එල්ලවී ඇති චෝදනා හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බැවින් මෙම කැඳවීමට අදාල සිතාසිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා පොලීසිය මාර්ගයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත යොමුකරන බව කොමිසම සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top