Oct 15, 2019

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දිනයන් ප්‍රකාශ කරයි

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඔක්තොබර් 31 දා සහ නොවැම්බර් 01 දා යන දිනයන් හි සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැළසුම්) චන්න පී. ද සිල්වා සඳහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම දින 02 තුළ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වන අයට නොවැම්බර් 07 දා දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාලවලට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමටද අවස්ථාව තිබේ.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට තැපැල් ඡන්දය පාවිච්චි කිරිමට නොවැම්බර් මස 04 වන දා වෙන් කොට තිබේ. ජනපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ලක්‍ෂ 07 ක ට අසන්න සංඛ්‍යාවක් ලැබී තිබේ.

තැපැල් ඡන්ද පත්‍රිකා මේ මස 18 වන දා තැපැල් දෙපාර්තමෙන්තුවට භාර දීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top