Oct 17, 2019

ඔට්ටු හා සූදු ගාස්තු මිලියන 200කින් ඉහළට

සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් අයකරන ගාස්තු හා බදු ඉහළ නංවමින් කෙටුම්පත් කර ඇති ‘ඔට්ටු හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

රැජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වා ගෙනයාම වෙනුවෙන් වර්ෂයකට අය කරනු ලබන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 200 සිට 400 දක්වා ඉහළ නැංවීමට මෙහිදී යෝජනා කර ඇති බව සදහන් වේ.

රැජිනෝ සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන්  වන බද්ද රුපියල් මිලියනයක් ලෙස නියම කිරීමට ද මෙහිදී අනුමැතිය හිමිව ඇත.

කැසිනෝ සඳහා ඇතුළු වීමේදී ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් පමණක් ගාස්තුවක් අය කිරීමටත් දළ එකතුව මත බද්ද 10 % සිට 15% දක්වා වැඩි කිරීමටත් මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top