Oct 17, 2019

අද සිට ‌ජනතාව නොමග යවන, නොසන්සුන් කරවන FB වලට වැඩ වරදියි

සමාජ මාධ්‍ය නිරීක්ෂණ වැඩපිළිවෙල අද (17) සිට ආරම්භ කරන බව පැෆරල් සංවිධානය ප‍්‍රකාශ කරයි.
පැෆරල් නිරීක්‍ෂණ ඉතිහාසය තුළ ප්‍රථම වතාවට සමාජ මාධ්‍ය නිරීක්‍ෂණය සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල මෙය බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සදහන් කළේය. 
 
ඒ සදහා කණ්ඩායම් 2ක් යොදවා ඇති අතර ඒ තුළින් වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු, වැරදි අර්ථකථන ඇතුලත් ජනතාව නොමග යවන හෝ ජනතාව නොසන්සුන් කරවන ප්‍රකාශ පිළිබඳව නිරීක්‍ෂණය කර ඒවා මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා කරනු ඇත.  
 
එසේ වාර්තා කරන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ අධීක්‍ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතායතනයට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top