Oct 17, 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර යළි රිමාන්ඩ්

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු එම්.අයි.ප්‍රනාන්දු මෙනවිය විසින් අද (17) නියෝග කළාය.

හලාවත මහාධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් මන්ත්‍රීවරයාව දෙවැනිවරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා ගිනි අවියක් ළඟ තබා ගෙන අයුතු ජනරාශියක සාමාජිකයින් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ඇතුළු තිදෙනෙකුට එරෙහිව හලාවත මහාධිකරණ හමුවේ නඩුවක් විභාග වෙමින් පවතී.

මෙම නඩුව 2011 මාර්තු මස21 වැනිදා හලාවත මහාධිකරණය විසින් සැකකරුවන්ව ඇප මත මුදා හැර ඇති අතර එහිදී ඇප කොන්දේසියක් ලෙස සෑම මසකම අවසන් ඉරු දින හලාවත පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණය විසින් මන්ත්‍රීවරයා ඇතුළු චූදිතයින්ට නියම කර ඇත.

නමුත් අවස්ථා දෙකකදී මන්ත්‍රීවරයා හලාවත පොලීසිය හමුවේ පෙනී සිට නොමැති බව හලාවත මහාධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය සදහන් කර ඇත.

ඒ අනුව පසුගිය 10 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටි මන්ත්‍රීවරයාව ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top