Oct 17, 2019

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තර කෙරේ Featured

මෙවර ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකු සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇතැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය පවසයි. පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම අපෙක්ෂකයින් සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නව ආරක්ශක සම්බන්ධිකාර නිලධාරීන් පත් කිරීමට කටයුතු කර ඇති බවද පැවසේ.

ජනාධිපතිධුර අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක යන මහත්වරුන්ට විශේෂ ආරක්ෂාවක් යොදන ලෙස බුද්ධි අංශ විසින් පොලීසියට හා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ඒ අනුව එම අපේක්ෂකයින් සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු හා පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු නව ආරක්ශක සම්බන්ධීකාර නිලධාරීන් ලෙස පත් කිරිමට පියවරගෙන ඇති බව නීතිය හා සාමය පිළිබද  අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top