Oct 18, 2019

23 දා ලබන අවුරුද්දට අතුරු සම්මත ගිණුමක්

ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474ක අතුරු සම්මත ගිණුමක් ලබන 23 වැනිදා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙයට අමතරව එම කාලය තුළ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමැතිය සඳහා අතුරු සම්මත ගිණුම් ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවද පැවසේ.

එදින පෙරවරු 10.30 සිට සවස 6.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටත්, මීට පෙර තීරණය කර තිබූ පරිදි පසු දිනයේ (ඔක්තෝබර් 24) පාර්ලිමේන්තුව රැස්‍ නොවීමටත් පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී අතුරු සම්මත ගිණුමට අමතරව පනත් කෙටුම්පත් 03ක් දෙවන වර කියවා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටද තීරණය වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top