OPEN

#

OPEN

#

Oct 18, 2019

බුද්ධි අංශ ශක්තිමත් කර රට සුරක්ෂිත කරනවා


බුද්ධි අංශ යළි ශක්තිමත් කර නැවත ත‍්‍රස්තවාදය ඇති නොවන ආකාරයට රට සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මහතා මේ බැව් පැවසුවේ අරණායක දිප්පිටිය රණවිරු කී‍්‍රඩාංගණයේදී ඊයේ (17) පැවැති ජනහමුවක් අමතමිනි.

තිස් වසරක යුද ශාපයෙන් ගලවා ගත් රට මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතීත්වය යටතේ වේගවත් සංවර්ධනයක් කරා ගෙන යනු ලැබූවත් වත්මන් රජයේ අකාර්යක්ෂම පාලනය නිසා අද වනවිට රට හැම පැත්තෙන්ම කඩා වැටී ඇතැයි ද හෙතෙම දහන් කළේය.

අරණායක ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජයරත්න මහතා ඇතුළු අරණායක ප‍්‍රාදේශීය සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්තී‍්‍ර කණ්ඩායම විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top