Oct 18, 2019

රංගා ඇතුළු 6ට ඇප

වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත නිදහස් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

2011 වසරේදී සෙට්ටිකුලම් ප්‍රදේශයේදී ජේ.ශ්‍රී රංගාහිටපු මන්ත්‍රීවරයා ගමන් කළ ලියාපදිංචි නොකරන ලද මෝටර් රථයක් මාර්ගය ආසන්නයේ පිහිටි ගසක ගැටීමෙන් අනතුරක් සිදු විය. 

අනතුරින් එම මෝටර් රථයේ ගමන් කළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා වශයෙන් කටයුතු කළ වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී 2011.03.31 දින සිදුවූ රිය අනතුරකදී පොලිස් සැරයන් ජයමිනි පුෂ්පකුමාර (36759) නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් ජීවිතක්ෂයට පත් විය. 

මියගිය සැරයන්වරයා ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාගේ ආරක්ෂකයකු ලෙස කටයුතු කර ඇත.

සිදුවීමෙන් පසු පොලිසිය වෙත ලැබුණ පැමිණිල්ලකින් කියා ඇත්තේ හිටපු මන්ත්‍රීවරයා ජීප් රිය පැදවූ බවත් පොලිස් නිලධාරියා අනෙක් පස සිටි බවත්ය. එම පැමිණිල්ලට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකක විසින් පරීක්ෂණ පවත්වා නීතිපතිවරයා වෙත කරුණු වාර්තා කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රීරංගා මහතා ඇතුළු 6 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පසුගියදා නියෝග කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top