Oct 20, 2019

අනුරගේ සහයට මහේෂ් රොහාන් එක් වෙයි? Featured

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය දැක්වීමට වෙනත් අපේක්ෂකයන් දෙදෙනකු වන හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සහ ආචාර්ය රොහාන් පල්ලේවත්‍ත මහතා සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මහේෂ් සේනානායක මහතාගේ පක්ෂයේ සමාජිකයන් සහ රොහාන් පල්ලේවත්ත මහතාගේ පක්ෂයේ සාමාජිකයන් අතර මේ පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති අතර ඉදිරි දිනකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද පැවසේ.

එකී සාකච්ඡාවේදී අදාළ පාර්ශව සමඟ එකඟතාවයකට පැමිණීමෙන් පසුව අවසන් තීරණයකට එළඹීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා සඳහන් කළේ නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන්ගේ නම් ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කර ඇති බැවින් ඔවුන් තරගයෙන් ඉවත්වූවා යැයි කියා එම නම් පත්‍රිකාවෙන් ඉවත් නොකරන බවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top