Oct 20, 2019

ක්‍රෙඩිට් ඩෙබිට්, විදෙස් ගනුදෙනුවලදී ඒ මොහොතේම බද්දක් Featured

ණය සහ හර කාඩ්පත් මගින් (ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ) මෙරට සිට විදේශ රටකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගනුදෙනුකරු අය බද්දකට යටත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මුදල් පනත සංශෝධනය කරමින් රජය විසින් මේ සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.
 
මෙරට සිට විදේශ රටවලින් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතින් ගනුදෙනු කරන සෑම කෙනකුගෙන්ම මෙම අය බද්ද අය කෙරේ.
 
භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත හරහා ශ්‍රී ලංකාවෙන් යවන මුදල මත සියයට 3.5 ක බද්දක් අය කරන බව පනත් කෙටුම්පතේ දැක්වේ. 
 
භාණ්ඩ හා සේවාව මිලට ගන්නා මුදල මෙරටින් ප්‍රේෂණය කරන අවස්ථාවේදීම ඊට අදාළ බදු මුදල එම කාඩ්පත නිකුත් කළ වාණිජ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින්  එකතුකර ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ලබා දියයුතු බව පනත් කෙටුම්පතේ දැක්වේ.
 
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මතකර ගැනීමට නියමිතය.
 
(අරුණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top