Oct 20, 2019

ජනපති අද ජපානයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ ජපානය බලා පිටත් වේ.
ඒ අනිද්දා පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහාය.

නරුහිතෝ අධිරාජ්‍යයා මසාකෝ අධිරාජිනිය සමග සම්ප්‍රදායානුකූලව රජ ඇඳුමින් සැරසී ඉම්පිරියෙල් මාළිගයේ ප්‍රධාන ශාලාවට පැමිණීමත් සමග උත්සවය නිල වශයෙන් ආරම්භ වීමට නියමිතව ඇත.

එංගලන්තයේ චාල්ස් කුමරු, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරු ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් ඊට ඇරයුම් ලැබූවන් අතරට අයත් බව ද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top