Oct 20, 2019

වෛරීසහගත ප්‍රකාශවල ඉහළ යාමේ තත්වයක්

ජනාධිපතිවරණ මැතිවරණ ‍ව්‍යාපාරය තුළ වෛරීසහගත ප්‍රකාශ ඉහළ යාමේ තත්වයක් දක්නට ලැබෙන  බව කැෆේ සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ විශේෂයෙන් මැතිවරණ රැස්වීම් වේදිකා තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ  විවිධ අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන අසත්‍ය සහ වෛරීසහගත ප්‍රකාශ වර්ධනය වීමක් දක්නට ලැබෙන බවය.

ඇතැම් අපේක්ෂකයින්  සමාජ ජාලා තුළ සිය මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනු වෙනුවට ප්‍රතිවාදී අපේක්ෂකයින් අපකීර්තියට පත් කිරීමේ  සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද විශාල ප්‍රමාණයක් ග්‍රාහකයින් සිටින ෆේස්බුක් පිටු සහ යූ ටියුබ් නාලිකා මිලට ගනිමින් ඒ ඔස්සේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳ වැරදි මත ප්‍රචාරය කිරීමේ මෙම වැඩපිළිවෙළ  තුළින් සැබෑ ජනමතය විකෘති විය හැකි  බවද ඔවුන් පවසයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ  දිනයේ සිට මේ දක්වා කාලය තුළ කැෆේ සංවිධානය වෙත පැමිණිලි 199 ක් වාර්තා වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top