ප්‍රමාණ තුනකින් යුත් ඝනකම කාඩ්බෝඩ්වලින් සකස් කරන ලද ඡන්ද පෙට්ටි මෙලෙස මිලදී ගැනීමට නියමිත බව ද ඔහු කියා සිටී.
සති අන්ත පුවත්පතක් වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා මේ බව පවසා තිබේ.
එම පෙට්ටිවලට අදාළ එක් කොන්දේසියක්වන්නේ බර අඩුවීම හා එක් පුද්ගලයකුට ඔසවා රැගෙන යා හැකිවීමය.
ඡන්ද පෙට්ටි විදේශීය රටවලින් ආනයනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර තීරණය කළත් එමතීරණය පසුගිය සිකුරාදා (18) පැවති සාකච්ඡාවකදී වෙනස් කර තිබේ.
මෙම ඡන්ද පෙට්ටි මිලිමීටර් අටේ ඝනකමින් යුතුව ඉබියතුරු ලෑමට හැකි කොන්ඩිපට්ටම් සවි කළ හැකි අයුරින් නිෂ්පාදනය කළ යුතු බවද පැවසේ.
මීට පෙර පැවති ඡන්ද විමසීම්වලදී එක් ඡන්ද පෙට්ටියකට ඡන්දය සලකුණු කළ පත්‍රිකා 700ක් ඇතුළත් කළ හැකිය.
එහෙත් මෙවර ඡන්ද පත්‍රිකාව දිගු වීම හේතුවෙන් එක් ඡන්ද පෙට්ටියකට පත්‍රිකා 400ක් පමණ ඇතුළත්වේ යැයි මැතිවරණ කොමිෂන් සභාව අනුමාන කර ඇත.
මෙවර ජනාධිපතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 12,000කදී පැවැත් වේ.
මැතිවරණ කොමිෂන් සභාව සතුව ඡන්ද පෙට්ටි 25,000ක් පමණ මේ වන විට ඇති බව අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක කියා සිටී.