Oct 21, 2019

රාජ්‍ය බලයට වැට බැඳිය යුතුයි

2019 ජනාධිපතිවරණයට ඉතිරිව ඇත්තේ තවත් දින 27 ක් පමණක් බවත් පාර්ශවයන් සියල්ල ජනමතය තමන් වෙත යොමුකරවා ගැනීමට තම ඡන්ද ව්‍යාපාරයේ යුහුසුලුව යෙදෙනු පෙනන බවද පැෆ්රල් සංවිදානය පවසයි.

ජනාධිපති වරණයට අදාළ නීතිමය තත්ත්වයන් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ මෙන්ම එයට ආනුශංගිකව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදන මගින් පැහැදිලි කර ඇති තත්ත්වයක් තුළදී වුවද බොහෝ අපේක්ෂකයන් එම නෛතික තත්ත්වයන් නොතකා ක‍්‍රියා කරන බවට නිරීක්ෂණය වී ඇති බව කණගාටුවෙන් වුවද ප‍්‍රකාශ කිරීමට සිදු වී ඇති බවද පැෆ්රල් සංවිදානය කළ නිවේදනයේ සඳහන් වේ.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලට අයත් අපේක්ෂකයන් විසින් ඉහත දැක්වූ උපමානයන් උල්ලංඝණය කරමින් රාජ්‍යය දේපල බහුලවම දේශපාලන ව්‍යපාරය වෙනුවෙන් යොදාගනු නිරීක්ෂණය වන බව ප‍්‍රකාශ කළ හැකි බවද එහිදි සඳහන් වේ. 

මෙ වනවිට පැෆ්රල් සංවිධානයට ලැබී  ඇති මැතිවරණ නීතී උල්ලංගණයන් විශ්ලේෂණය කර බලන විට පැමිණිලි 135 කින් 65 ක් ම එනම් 48% ක් පමණ අයුතු ලෙස මහජන දේපල සහ දේශපාලන බලය පක්ෂ හෝ අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය කිරිම සමබන්ධ පැමිණිලි වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top