Oct 22, 2019

ජපන් අධිරාජ්‍යාගේ අභිෂේකයට ගිය ජනපති නරීටාවලට ගොඩ බසියි Featured

ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීමට ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

ජපාන රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයා එහිදී පිළිගත් අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු එරට තානාපති කාර්යාලයේ නිලධාරීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top