OPEN

#

OPEN

#

Oct 22, 2019

අළු ලේඛනයෙන් ලංකාව ඉවතට Featured

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් වන ගෝලීය අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මෙම ලේඛනය අළු ලේඛනය(The Gray List) ලෙස හඳුන්වයි.

2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රමෝපායවල දුර්වලතා සහිත රටක් ලෙස මුල්‍ය කාර්යය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙහි ලැයිස්තු ගත කරනු ලැබූ අතර එම තත්වය මගහරවා ගැනීමට ශ්‍රී ලංකාවට යම් කාල රාමුවකට යටත් ක්‍රියාකාරී සැළැස්මක් ලබාදී තිබිණි.

පසුගිය පෙබරවාරි මාසයේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබූ ක්‍රියාකාරී සැළැස්ම සම්පූර්ණකර තිබීම හේතුවෙන් එහි ප්‍රගති සමාලෝචන කණ්ඩායම වෙත යොමුකර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව මූල්‍ය කාර්ය සාධක බලකායේ ලේඛනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර එයට සියළු සාමාජික රටවල අනුමැතිය ද ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top