OPEN

#

OPEN

#

Oct 22, 2019

ඇවන්ගාඩ් සභාපති අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඩ් සමාඟමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන මස 14 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම මගින් ගොනුකර ඇති නඩුවක් අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය සිදුකර තිබේ.

ඒ අනුව නොවැම්බර් මස 14 වැනිදා මෙම නඩුව නැවත කැඳවීමටත් එදිනට විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

ඉකුත් රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355ක් අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුවෙන් චෝදනා එල්ලකර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top