Oct 22, 2019

ජනාධිපතිවරණය සදහා යුරෝපා සංගමයේ කණ්ඩායමක් අද සිට වැඩ අල්ලයි Featured

යුරෝපා සංගමයට අයත් 30 දෙනෙකුගෙන් යුත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් අද(22) සිට ජනාධිපතිවරණය සම්බන්ධව නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරණය සම්බන්ධව සිදුකෙරෙන පූර්ව ප්‍රචාරක කටයුතු මෙන්ම මැතිවරණයෙන් අනතුරුව ඇතිවිය හැකි සිදුවීම් සම්බන්දව මෙම කණ්ඩායම නිරීක්ෂණය කිරීමට නියමිත බවද පැවසේ.

මීට අමතරව ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය සම්බන්ධව කෙටිකාලීන අධ්‍යනයක් සඳහා යුරෝපා සංගමයේ තවත් නිරීක්ෂකයන් 30කගෙන් යුත් කණ්ඩායමක් ලබන මස 12 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

එසේම සාර්ක් කලාපීය රටවල නිරීක්ෂකයින් පිරිසක් ද මැතිවරණ කොමිසමේ ආරාධනය මත ලබන 12 වැනිදා මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසම පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top