Oct 23, 2019

 ජවිපේ 4ක් සජිත්ට එකතු වෙයි : තුනක්ම හිටපු අය

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී සහාය පළ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී අන්ජාන් උම්මා මහත්මිය සමඟ වයඹ, උතුරු මැද පළාත් සභාවල ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරු ‍දෙදනකු හා බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙක් ද එක් වූහ.
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ (22) පැවති සමාජ සාධාරණය උදෙසා රතු තරු ජන බලය ප්‍රජාතන්ත්‍රවාදි වාම ව්‍යාපාරය ජාතික මහ සමුළුව දී ඔවුන් මෙසේ එක් වුහ. 

බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි එරාජ් ක්‍රිෂාන්ත අල්විස්, උතුරු මැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රි අනුර දිසානායක, වයඹ පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රි සමන් පුෂ්පකුමාර යන මහත්වරු මෙසේ එක් වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වු, එම පක්ෂයේ සමාජිකයින්ගෙන් සමන්විත රතු තරු ජනබලය සංවිධානයේ 400ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ෙප්‍ර්මදාස මහතාට සහය දැක්වීමට එහිදී එක් විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top