Oct 23, 2019

පාකිස්තානයේ ක‍්‍රිකට් ගැන සංගා උනන්දුවෙන් Featured

ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවද ඒ අනුව ඉදිරියේදී යළිත් පාකිස්තාන් ක‍්‍රීඩකයන්ට තමන්ගේ මව්බිමේදී ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට අවස්ථාව සැලසෙමින් තිබෙන බවද ශ‍්‍රී ලංකාවෙන් බිහිවු  සුපිරි පිතිකරුවෙකු හා හිටපු ක‍්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර පවසයි. 
‘‘ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම දැකීම සතුටක්. එම සංචාරයේ ප‍්‍රතිචාර ඉතාමත් සුන්දරයි. ක‍්‍රීඩකයන් එය භුක්ති වින්දා. ආරක්ෂාව ඉතාමත් තදින් ක‍්‍රියාත්මක කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට සෑම පහසුකමක්ම ලබාදුන්නා. පාකිස්තාන් ක‍්‍රිකට් ප‍්‍රධාන විධායකවරයා එම්. සී. සී. කණ්ඩායම පාකිස්තානයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා කරමින් සිටිනවා. ඔවුන් විවිධ ආරක්ෂ සැලසුම් අපට ඉදිරිපත් කරමින් සිටිනවා. ’’ යැයි සංගක්කාර පවසයි.

2009. 03. 03 ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරමින් ලාහෝර් නුවරදී ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාර එල්ල කරන අවස්ථාවේ සංගක්කාරද එම බස්රථයේ සිටියේය.

‘‘පාකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ධනාත්මක මෙන්ම සංවාද රාශියක් ඉදිරිපත්ව තියෙනවා. එ් දේවල් කළමනාකරණය කරන්න පුළුවන් නම් එ්ක සුවිශේෂී දෙයක්. මගේ අදහස අනුව පාකිස්තානය ආරක්ෂිත ස්ථානයක් බවට සහතික කිරීම සඳහා ඔවුන් විශාල වැඩ කොටසක් කරනවා. මට විශ්වාසයි පාකිස්තානයේ ක‍්‍රීඩකයන්ට යළිත් ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිට ක‍්‍රීඩා කිරීමේ හැකියාවක් ඇති වෙන බවට. ’’

එම්. සී. සී. කණ්ඩායමක් පාකිස්තානයට යැවීම සම්බන්ධයෙන් තමාට තීරණයක් ගැනීමට හැකි වුවහොත් තමාගේ පැත්තෙන් කළ හැකි කොටස කරන බවද සංගක්කාර වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top