Oct 23, 2019

ලංකාවේ සංචාරය නොකරන්නැයි UAE වැසියන්ට අනතුරු අඟවයි Featured

අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය විසින් එරට වැසියන් සඳහා සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සැළකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප‍්‍රහාරය පසුව ගනිමින් එමීර් රාජ්‍යය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ද මෙරට සංචාර නොකරන ලෙස දන්වමින් එරට වැසියන්ට සංචාරක උපදේශනයක් පනවනු ලැබිණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අවශ්‍යම කරුණකට හැර ශ්‍රී ලංකාවට නොයා යුතු බවත්, සංචාරයක නිරත යම් කිසි එමීර් වැසියෙකු සීටී නම් හදිසි අවස්ථාවකදී +94 112-301-601 දුරකථන අංකය හරහා කොළඹ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය හෝ  +971 800-444-44 යන දුරකථන අංකය ඔස්සේ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගිතා ඇමතුම් මධ්‍යස්ථානය ඇමතිය හැකි යැයිද මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමෙහි සඳහන්ව ඇත.


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top