Oct 23, 2019

පුද්ගල ඝාතනයකට 10ක් දැලේ

පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (23) ප්‍රධාන සැකකරු ඇතුළු දසදෙනෙකු ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන උල් ආයුධයද සමග අත්අඩංගුවට ගෙන ඇති බව මහරගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ පන්නිපිටය දෙපානම පදිංචි රුෂිත රුක්ෂාන් නමැති 18 හැවිරිදි තරුණයෙකි.

ප්‍රේම සබඳතාවක් මුල්කරගනිමින් කලක සිට පැවති ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයිද, 13 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ (22) එම තරුණයා සමග ගැටුමක් ඇතිකරගෙන තිබූ බවද ආනාවරණය වී ඇත.

අනතුරට පත් තරුණයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගංගොඩවිල අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top