Oct 23, 2019

සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට ඇප

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (23) නියෝග කළේය.

රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 5 ක් ද මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.

හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට 2014 අප්‍රේල් මස 17 වනදා පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා 20කට වැරදිකරුවීම හේතුවෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

මන්ත්‍රීවරුන්ට බැණ තර්ජනය කිරීම ඇතුලු චෝදනා 29කට අදාළව හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට සහ තවත් විත්තිකරුවන් සිව්දෙනෙකුට චෝදනා එල්ල වුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top