Oct 23, 2019

මෙරට මහජන සාමය පවත්වාගෙන යාමේ බලය ත්‍රිවිධ හමුදාවට

2019 ඔක්තෝබර් 22 දා සිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහාත්‍රිවිධ හමුදාව වෙත පවරා තිබේ.
ඒ අනුව එම දිස්ත්‍රික්ක 25 තුළ මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව ජනපතිවරයා මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top