Oct 25, 2019

TNA, රිෂාඩ් හා හකීම් එපා යැයි නාමල් කියයි

ඉදිරි කාලයේ රිෂාඩ්, රවුෆ්  හා දෙමළ සන්ධානය අවශ්‍ය නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
එරාවුර් ප්‍රදේශයේ ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. 
 
උතුර දකුණ යා කරන පාලමක් ලෙස අධිවේගී මාර්ගය ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු එහිදී කීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.
 
"හම්බන්තොටට ගෙනාපු අධිවේගී මාර්ගය හම්බන්තොටින් නැගෙනහිරටත්, නැගෙනහිරින් උතුරටත් සම්බන්ධ කරලා උතුර දකුණ යා කරන පාලමක් කරන්න මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු වෙනවා. අපි සම්බන්ධන් වගේ බොරු කියන්නේ නෑ.ඉදිරි කාලයේ රිෂාඩ්, රවුෆ්, හා දෙමළ සන්ධානය අපිට ඕනේ නෑ."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top