එහි ප්රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා මේබව කියාසිටියේ ලන්ඩන් නුවර 'බීබීසී 'මැදිරියේදී සාකච්ඡාවකට එක්වෙමිනි.
"අපි කිව්වා රාජපක්ෂ කඩේ වහල දාන්න, මෛත්‍රීපාල සිරිසේනගේ කඩෙත් බඩු ෂුවර් නැහැ කියල. ඒ කියපු දේ අද හරියටම හරි. ආණ්ඩුව හොරු අල්ලනවා වෙනුවට හොරු ආණ්ඩුව අල්ලලා තියෙන්නේ." යනුවෙන් ඔහු පැවසීය.
බැඳුම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනවල තත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකළ මන්ත්‍රීවරයා, "දඬුවම්කිරීමට නම් නීතිපතිවරයා හරහා උසාවියට ඉදිරිපත් කරලා උසාවියෙන් නියෝගයක් පැමිණිය යුතුයි. අවුරුදු දෙකක් දැන් ප්‍රමාද වෙලා තියෙනවා. දැන් පටන් ගත්තත් තව අවුරුදු දෙක තුනක් යනවා ඒක ඉවර වෙන්න. එතකොට ආණ්ඩුව ඉවරයි." යනුවෙන් පැවසීය.
(බීබීසී සංදේශය)
මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව පරීක්ෂණ නිමකර වරදකරුවන්ට දඬුවම් ලබාදීම වත්මන් ආණ්ඩු කාලය තුළ සිදුනොවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362