Pasidol
Sathosa Ad Final Sinhala
Jan 31, 2017

උදයට එරෙහි නඩුව : ඕස්‌ට්‍රේලියානු යුවළට සිතාසි

ඔස්‌ට්‍රේලියානු ජාතික යුවළගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ඔවුනට අයත් සමාගමක කොටස්‌ විකුණා රුපියල් මිලියන 20 ක මුදලක්‌ වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස නම්කොට ඇති ඔස්‌ට්‍රේලියානු ජාතික යුවළට සිතාසි භාරදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඊයේ (30) නීතිපතිවරයාට නියෝග කළේය.

සාක්‍ෂි ලබාදීම සඳහා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් වන එම යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහාධිකරණය විසින් නිකුත් කළ සිතාසි අධිකරණ අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා යෑවීමට පියවර ගෙන ඇතැයි පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කළ කරුණු දැක්‌වීම සලකා බැලු විනිසුරුවරයා එම නියෝගය කළේය.

 ඒ අනුව එම නඩුව පෙබරවාරි 16 වැනිදා දක්‌වා කල්තැබීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විඡේසිරි අඹවත්ත, තුෂාර දිසානායක ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top