Nov 02, 2019

"ජනාධිපතිවරයා පක්ෂ දේශපාලනය අභිබවා යා යුතුයි" Featured

ඉදිරි ජනාධිපතිවරණයේදී අවංක භාවයට ප්‍රමුඛස්ථානය දෙමින් සියලු ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහස සුරක්ෂිත කරන ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් සුරකින අපේක්ෂකයෙකු තෝරා පත්කර ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
අනාගත ජනාධිපතිවරයා රටේ තිරසර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලුදෙනා සමග ඒග්‍රාතාවයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති අයෙකු විය යුතු බවද එහි දැක්වේ.
 
රටේ ජනාධිපතිවරයා පක්ෂ දේශපාලනය අභිබවා යා යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සදහන් කර සිටී.
 
එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.
 
"ආගමික අන්තවාදය හා ජාතිවාදය මුලිනුපුටා දමා රටේ සියලු ආගම් හා ජාතින් අතර සාමකාමි සහජීවනය ගොඩනංවන්නැයි එම සම්මේලනය රටේ නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි. නව නායකයා ස්වභාවික සම්පත් කළමනාකරණය කිරීම සදහා ජාතික ප්‍රතිපත්ති සකස් කරනු ඇතැයි ද එම සම්මේලනය විශ්වාසය පළ කරයි. සියලු ආකාරයේ දුෂණ හා අක්‍රමිකතා මුලිනුපුටා දැමිමට දැඩි ක්‍රියාමාර්ග ගැනීම ද අවශ්‍ය වෙයි. ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් බව පෙන්වාදෙන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශය කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top