Nov 02, 2019

රජරට සරසවියේ පැත්තක් තාවකාලිකව වසා දමයි

වෛරස් උණ තත්ත්වයක් හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව අද දහවල් 12.00 ට ප්‍රථම නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස සියළු සිසුන්ට දැනුම් දී ඇත.

උණ රෝගය වැළඳුණු සිසුවියක් ඊයේ දිනයේදී මහනුවර මහරෝහලේ දී ජීවිතක්ෂයට පත් වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර උණ රෝගය වැළඳුණු තවත් සිසුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා මිහින්තලේ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගෙන් බරපතළ තත්ත්වයේ පසු වූ සිසුන් කිහිපදෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top