Nov 03, 2019

චන්ද්‍රිකා ගැන 5 වැනිදාට ශ්‍රීලනිපය තීන්දුවක් ගනියි Featured

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පිරිස සම්බන්ධයෙන් අනිද්දා (05) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිතය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 28ක සහභාගිත්වයෙන් පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ‘අපි ශ්‍රී ලංකා සංවිධානය’ යටතේ හිටපු ජනාධිපතිනිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සහාය පළ කරති. 
 
මෙලෙස සහය පළ කරන පිරිස පක්ෂයේ සංවිධායක ධුරයන්ගෙන් නෙරපා ඇතැයි මහලේකම් දයාසිරි ජයසේකර මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. 
 
එහෙත් හිටපු ජනාධිපතිනිය ද මෙම ක්‍රියාවලියට සහාය පළ කිරීම ගැටලුවක් වන හෙයින් ඒ පිළිබඳව මධ්‍යම කාරක සභාවේ දී යම් තීන්දුවක් ගැනීමට නියමිත බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top