Nov 03, 2019

2020 ජනපති දන්ගෙඩියට Featured

ඉදිරි ජනාධිපතිවරණයෙන් කවර ජනාධිපති අපේක්ෂකයා ජය ගත්තද ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සලකා බැලීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රශ්න කෙරෙනු ඇතැයි ද පැවසේ.
 
එහෙත් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් කල් තබාම ප්‍රකාශ කළේ මෙම පත්වීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන තීන්දුවක් නිසා එය වෙනස් කිරීමේ සූදානමක් නැති බවයි. 
 
කෙසේවුවද බටහිට රටවල් මේ ප්‍රකාශයන් සම්බන්ධයෙන්ද උරණව සිටින බව වාර්තා වේ.
 
ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා තානාපති ප්‍රජාවට ප්‍රකාශ කළේ ජිනීවා යෝජනාව නැවත සලකා බැලිය යුතු බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top