Nov 03, 2019

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 100ක් පොලිස් දැලේ

දෙහිවල වෙරළ තීරයේ හෝටලයක් තුළ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 100 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) රාත්‍රියේ දෙහිවල පොලීසියට ලද තොරතුරක් මත කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරට පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු ඇතුලත්ය.

සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 04ක් මත්පැන් මිලි ලීටර් තිස් අටදහස් පන්සීයක් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top