Nov 03, 2019

වෛද්‍යාලංකාර නඩුව : බිරිඳ සහ පුතා නොවැම්බර් 4, 5 එෆ්.සී.අයි.ඩීයට Featured

මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් එහි හිටපු ප්‍රධානී රවී වෛද්‍යාලංකාරගේ බිරිඳ සහ පුතා සම්බන්ධයෙන් නිකුත් කරන ලද සිතාසි මෙතෙක් වලංගු වන අතර, මුදල් විශුද්ධිකරණය  සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රින්ස් එඩ්වර්ඩ්ස් සහ ඔවුන් අතර ඇති සම්බන්ධතා පිළිබඳ ප්‍රකාශ ලබා දීම සඳහා නොවැම්බර් 4 සහ 5 යන දිනවල මූල්‍ය අපරාධ විමර්ශන අංශයට වාර්තා කළ යුතු බව පොලිසිය පවසයි.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සැකපිට විමර්ශනය කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පවරා ඇති එඩ්වර්ඩ්ස් මහතාගේ බිරිඳ සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ බිරිඳ මේරි බැසිලිකා සමාගමක අධ්‍යක්ෂක ධුරය භාර  ගෙන තිබේ.

මේ අතර, කොල්ලුපිටියේ මොනාක් රෙසිඩන්සීස් හි මහල් නිවාසයක් මිලදී ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍යාලංකාරගේ පුත් අසේල ජයම්පතී රාජසුන්දර වෛද්‍යාලංකාරට අයත් සමාගමක් රුපියල් මිලියන 52 ක් ගෙවා ඇත. මෙය සූරිය ඉන්ටර්නැෂනල් (පුද්) සමාගමේ ලියාපදිංචි ලිපිනය වන අතර එහි අධ්‍යක්ෂවරුන් වන්නේ පූර්ණි ප්‍රියංජි මැණිකේ එඩ්වර්ඩ්ස් සහ මෑතකදී විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති වෛද්‍යාලංකාරගේ බිරිඳ මේරි බැසිලිකා ය.

ඔවුන් මෙලෙස  මූල්‍ය අපරාධ විමර්ශන අංශය ඉදිරියේ පෙනී සිටීම  මැතිවරණයට තරඟ කරන ඇතැම් අපේක්ෂකයින්ට වාසියක් ලබා ගැනීම ඉලක්ක කර ගැනීමට උනන්දුවක් දක්වන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පාර්ශවයන්  විසින් භාවිතා කරනු ඇති බවට පවසමින්  අසේල වෛද්‍යාලංකාර  විසින් ඔහුගේ නීතිඥයින් හරහා ලිපියක් මගින්  ජාතික මැතිවරණ කොමිසමට  යොමුකර තිබේ.මෙය ජාතික මැතිවරණ කොමිසමේ ඇතැම් මැතිවරණ නීති සහ නියෝග උල්ලංඝනය කරන බව එහි දක්වා තිබේ.
 
පරීක්ෂණය නොවැම්බර් 20 වනදා දක්වා කල් තබන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත නියෝග කරන ලෙස අසේල වෛද්‍යාලංකාර මහතා  ජාතික මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින අතර ඔහු සහ ඔහුගේ මව එදින පරීක්ෂණයට ඉදිරිපත් වන බවට සහතික වී තිබේ.
 
එවැනි ලිපියක් ලැබී ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (02) තහවුරු කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top