Nov 04, 2019

රූපවාහිනිය පවරාගැනීමට විරුද්ධ පෙත්සම් විභාගයට ගන්න අවසර

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරාගත් අති විශේෂ ගැසට් නිවේදනය බලශූන්‍ය කරන ලෙස සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසර ලබා දෙන ලදී.

එම පෙත්සම් ලබන වසරේ ජුනි 10 වැනිදා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දැනුම් දුන්නේ පෙත්සම් විභාගයට අවසර ලබා දෙන්නේද නැත්ද පිළිබඳ නියෝගය අද ප‍්‍රකාශයට පත් කරමිනි.

මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ ,මුර්දු ප‍්‍රනාන්දු සහ එල්.ටී.බී දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගත්තේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගනිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට්  නිවේදනය බල ශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top