Nov 07, 2019

ඡන්ද කාඩ් ආවේ නැත්නම් තැපෑලට එන්න Featured

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද කාඩ්පත් එක්කෝටි විසිහය ලක්‍ෂ පනස් පන්දාහක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඡන්ද දායකයින් වෙත නිවසටම ගොස් භාරදී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඡන්ද දායකයින්ට බෙදා දීමට ඇති නිල ඡුන්ද කාඞ්පත්වලින් 82% බෙදා අවසන් කර ඇති බවද ඉතිරිව ඇති 18% පමණ ප‍්‍රමාණයද බෙදා අවසන් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

"100% බැරි වේවි, නමුත් අවම වශයෙන් 98% වත් බෙදා අවසන් කිරීමයි අපේ අරමුණ. ඡන්ද කාඩ්පත් කිසියම් ඡුන්ද දායකයෙකුට නොලැබුණොත් නොලැබෙන්නේ ඡන්ද දායකයින් නිවස තුළ රැඳී නොසිටිය හොත් සහ ඔවුන් විදේශ ගත වී සිටිය හොත් පමණයි." යැයි හෙතෙම සදහන් කළේය.

ඡන්ද කාඞ්පත් 9 වැනිදාට පසුව නොලැබුණු සියලූ දෙනාටම 11 වැනිදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලය වෙත ගොස් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු ඡන්ද කාඩ්පත් ලබාගත හැකි බවද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top